ජපාන වෙරළට හඳුනා නොගත් යකඩ බෝලයක්

හඳුනා නොගත් ගෝලයක හැඩැති ලෝහමය වස්තුවක් ජපානයේ වෙරළකට ගොඩගසා තිබෙන බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය මීටර් 1.5 ක් වන බවත් එය කුමන ආකාරයේ වස්තුවක් ද යන්න ජපානය මෙතෙක් හඳුනාගෙන නොමැති බව එම වාර්තා සඳහන් කළේය.

එය ගොඩගැසූ වෙරළ කලාපය මේ වන විට සාමාන්‍ය ජනතාව ඇතුළු වීම නිසා තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.

Leave a Reply