ගාලු වරාය සංවර්ධනය කඩිනමින් – දෙවට වෙරළ තීරයද පුළුල් කෙරේ

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස කඩිනමින් වැඩි දියුණු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්ව මහතා අද (15) පෙරවරුවේ ගාලු වරායේ දී පැවසීය.

ගාලු වරායේද නව දියකඩනයක් කඩිනමින් ඉදි කිරීමට නියමිත අතර එමගින් මෙරටට හෙක්ටයාර 40ක ගොඩබිම් භූමියක් හිමිවන බවත් එහි සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල්, නිවාස සංකීර්ණ, සතුටු උයන් ආදිය ඉදි කිරීමට සැලසුම් කර ඇති බව එහිදි හෙළිවිය.

එම භූමියේ ආයෝජනයට කැමති දෙස්-විදෙස් ආයෝජකයන්ට එම අවස්ථා හිමිවන බවත් විදේශිය ආයෝජකයින් පැමිණියා කියල කිසි කෙනෙකුගේ රැකියා අහිමි වන්නේ නොමැති බවද එහිදි අමාත්‍යවරයා සඳහන් කල අතර ඉදිරි මාස දෙක තුන ඇතුළත ඒ සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

මේ අතර ගාලු වරාය අසල පිහිටි ක්ලෝසන්බර්ග් හෝටලය අසල සිට රුමස්සල කඳු වැටිය ආරම්භ වන ස්ථාන දක්වා ඇති දෙවට වෙරළ තීරය වැලි පුරවා පුළුල් කිරිමට නියමිත බවද මෙහිදී හෙලිවිය. නව දියකඩනය ඉදිකිරීමේ දී එමඟින් ඉවත් කරන වැලි යොදාගෙන දෙවට වෙරළ තීරය පුළුල් කිරීමට නියමිත බවද මෙහිදී හෙළි විය

One thought on “ගාලු වරාය සංවර්ධනය කඩිනමින් – දෙවට වෙරළ තීරයද පුළුල් කෙරේ

Leave a Reply