බේරුවල මුහුදේ දිය නෑමට ගොස් දෙදෙනෙකු මරුට

බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් රළපහරට හසුව දියේ ගිලී මියගොස් තවත් තරුණයකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

තරුණයන් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් එක් තරුණයකු බේරාගෙන රෝහල් ගතකර තිබේ. පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් කළ සෝදිසි මෙහෙයුමේ දී අනෙක් තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී 19ක් සහ 20 හැවිරිදි වියෙහි පසුවන තරුණයන් දෙදෙනකු බවත්, 18 හැවිරිදි තරුණයෙකු රෝහලගතකර ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply