ගාලු කොටු පවුරේ ගිලා බැස තිබු කොටස තවමත් හදලා නැහැ – සංචාරකයන්ගේ ජිවිත අවදානම්

ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් වසර හතරකට පෙර සිට ගිලා බැසිමට පටන් ගෙන තිබුණත් එය තවමත් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් දෙස් හා විදෙස් සංචාරකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත.

ලංකාවේ පළමු ප්‍රදීපාගාරය අසල කොටු බැම්මේ කොටසක් මෙසේ ගිලා බැසිමට පටන් ගෙන ඇත. 

මෙයට වසර හතරකට පෙර 2019 වසරේ ඔක්තෝබර් මාසයේ පළමුවෙන්ම මෙම ස්ථානය ගිලා බැසිමට පටන් ගත් අතර පසුව ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණිම වළක්වාලමින් ආරක්ෂා කිරිමට පියවර ගෙන තිබින.

එහෙත් වසර හතරක් යනතුරුත් එම ස්ථානය නිසිලෙස පිළිසකර නොකිරිම නිසා දැන් පෙරටත් වඩා ප්‍රමාණයක් නාය යාමට පටන්ගෙන ඇති අතර එම ස්ථානය පමණක් නොව ඒ අවටද දැඩි අවධානමක් මතුව ඇත. අඩි දහයක පමණ විස්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි විස්සකට වැඩි ගැඹුරු දෝනාවක් ද හෑරි ඇත. 

ජීවිත හානියක් සිදු වීමෙන් පසු මෙය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ඊට පෙර මේ සඳහා වහාම අවධානය යොමුකර මෙය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි

ගාලු කොටු පවුරේ ගිලා බැස තිබු කොටස තවමත් හදලා නැහැ – සංචාරකයන්ගේ ජිවිත අවදානම්

Leave a Reply