පාපන්දු ක්‍රීඩා කල පාසල් සිසුවෙකු ඇද වැටි මරුට

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටී සිසුවෙකු අද (21) හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පාපන්දු ක්‍රීඩා කරමින් සිටියදී විද්‍යාල භූමියේ ඇද වැටී ඇති අතර පසුව රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි වාර්තාවේ.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply