ඉන්දීය සහනාධාර ගාල්ලේ බෙදයි


ඉන්දියාවෙන් ලැබුණු සහනාධාර තොගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට ලැබුණු සහල්, කිරිපිටි බෙදා දීම අද (07) පෙරවරුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් දිපින් පී.ආර් මහතා විසින් ආරම්භ කරන ලදී.

මෙමගින් ගාල්ලේ පවුල් 47860ක් පමණ ආවරණය කෙරේ. මෙය ශ්‍රී ලංකාව පුරා බෙදාහරින සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් වන තමිල්නාඩු ආධාරයන්හි කොටසකි.

හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් දිපින් පී.ආර්, දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්. ශරෆාස් සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍යය නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

Leave a Reply