ඩීසල් හොරු වැඩ අල්ලයි

පුද්ගලික බස්රථවලින් ඩිසල් සොරකම් කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පුද්ගලික බස්රථ හිමියන් පවසයි.

ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පුද්ගලික බස්රථ සදහා සේවා සපයන ආයතනයක නතර කොට තිබු පුද්ගලික බස්රථ දෙකක ඩිසල් මුඩි කඩා ඩිසල් සොරකම් කරගෙන ගොස් තිබු බවද  පුද්ගලික බස්රථ හිමියන් පවසයි.

දින දෙක තුනක් පෝලිම්වල සිට බස්රථවලට සපයා ගන්නා ඩිසල් සොරුන් විසින් සොරකම් කරගෙන යාම නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද පුද්ගලික බස්රථ හිමියන් පවසයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බව ද ඔවුන් පවසයි.

Leave a Reply