අම්බලන්ගොඩ හා පානදුර වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ සහ පානදුර යන ප්‍රදේශවල අද (28) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි

අම්බලන්ගොඩ, කුලීගොඩ, මීටියාගොඩ මාර්ගයේ ගොන්නදූව ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවු වෙඩිතැබීමකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අම්බලන්ගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

යතුරුපැ පැදියකින් පැමිණ නානඳුන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව තිබෙන බව පොලිසිය පවසයි.

අද උදෑසන එම සිරුර හමුව ඇත්තේ, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් තුළ රියදුරු අසුනේ තිබිය දී බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකරන්න ට ඇතැයි ‍පොලීසිය සැකපළ කරයි

මෙම ඝාතන සම්බන්ධයෙන් අම්බලන්ගොඩ හා පානදුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply