මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක අනාවැකි

මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ඔහු ප්‍රකාශ කර තිබේ.

තුර්කි – සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස්  ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

කෙසේ වුව ද පිළිගත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රහ පිහිටීම මත පදනම් ව භූ කම්පන පිළිබඳව අනාවැකි පළ කිරීම භූ කම්පනය පිළිබඳ ඇති පිළිගත් පරාමිතීන්ට පටහැනි බවය

Leave a Reply