ගාල්ලේ දී දුම්රියට පැන්න පුද්ගලයෙකු රේල් පාරේ දිගාවි දිවි බේරාගෙන පැන දුවලා

ගාල්ල කොග්ගල කඩේ හන්දිය ප්‍රදේශයේදී අද (29) සවස දුම්රියකට පැන්න පුද්ගලයකු දිවි බේරාගත් පුවතක් වාර්තා වේ.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ගාලු කුමාරි දුම්රියට ගාල්ල කොග්ගල කඩේ හන්දිය ප්‍රදේශයේ අද සවස පුද්ගලයකු පැන තිබේ. පසුව ඔහු අසලට දුම්රිය පැමිණෙනවාත් සමඟ රේල් පාරේ බිම දිගා වී ඇති අතර දුම්රිය ඔහු පසුකර ගොස් නවත්වා බැලිමට යාමේදී මැදිරි අස්සේන් රිංගා පලා ගොස් තිබේ.

දුම්රිය එකවර නතර කර ගැනිමට නොහැකිවු අතර දුම්රිය මැදිරි කිහිපයක් ඔහු පසුකරගෙන ඉදිරියට ගොස් නවතා ඇති අතර එවිට එක් වරම එම පුද්ගලයා මැදිරි අතරින් රිංගා පිටතට පැමිණ පලාගොස් තිබෙන අතර මෙලෙස දුම්රියට පැන්න පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මේ හේතුවෙන් දුම්රිය ගමනට සුළු ප්‍රමාදයක් සිදුව තිබේ

Leave a Reply