කංසා අපනයනයට අදාළ නිතීමය කටයුතු අවසන්

කංසා ශාඛය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

“ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ.”

“අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා. විශේෂයෙන් ම ඒ සඳහා අපි සුරක්ෂිතභාවය සඳහා විශාල තැන්පතුවක් එහි ආයෝජනය කරන තැනැත්තන්ගෙන් ලබාගන්නවා.”

අපේ සමාජයට කිසිදු ආකාරයකට පිටතට යන්න නොහැකි වන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්ති ප්‍රකාරව යමින් විශේෂයෙන්ම අපි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශයන්ට අනුකූලව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් දක්වලා තියෙන රෙගුලාසි මත යම් ලෙසකින් හෝ සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් ආයෝජකයින්ගේ ඒ අතිවිශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයට නීති සකස්කරමින් ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් අපිට උපයගන්න පුළුවන්කම ලැබෙනවා.”

Leave a Reply