ඉහළ කොත්මලේ ජලාශයේ තරුණ මළසිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply