මෙරට සංචාරයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ මිලියන ගණන් වටිනා රන් භාණ්ඩ උස්සලා

බ්‍රිතාන්‍ය ජාතික විදෙස් කාන්තාවගේ රුපියල් මිලියන 8 කට වැඩි වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කරගෙන ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි.

ඇය විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරන්, කහ රත්තරන් වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් තිබේ.

පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කල දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සදහන් කර තිබේ.

කළුතර උතුර සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින් ඊයේ (28) රාත්‍රි කල පැමිණිල්ලක් කර ඇත ඒ අනුව උතුරු කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply