මාස 10ක සිය බිළිදිය දුෂණය කල නරුම පියෙකු අත් අඩංගුවට

මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කිරිම සම්බන්ධයෙන් පියෙකු ඊයේ (28) අත් අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කලේගාන පදිංචි 39 හැවිරිදි සැකකරුවෙකි.

ඉකුත් සිකුරාදා (27) රාත්‍රි සැකකරු බිමත්ව පැමිණ දියණිය සුරතල් කිරිමට බව පවසා විදුලිය විසන්ධි වු අවස්ථාවේ පිටුපස කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වි තිබේ

බිළිඳිය අධික ලෙස හඩන්නට විම නිසා මව අසල්වැසි කාන්තාවකටද පවසා බිළිඳිය පුද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගෙන ගොස් ඇත.

එහිදි දරුවා පරික්ෂාකල වෛද්‍යවරය‍ා පවසා ඇත්තේ දරුවාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව තිබෙන නිසා රෝහල් ගත කරන ලෙසය. ඒ අනුව කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර බිළිදිය පරික්ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ බිළිදිය දූෂණයට ලක්ව ඇති බවය.

මෙම පවුලේ නිත්‍යනුකුල පියා ඔවුන් හැරගොස් සිටින අතර මව සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගොස් ඇති බවත් ඒ අනුව සැකකරුට දාව මව විසින් මෙම බිළිඳිය ප්‍රසුතකර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබේ

අත් අඩංගුවට ගත් සැකකරු අද (29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)

Werzuo Digital

Leave a Reply