යතුරුපැදිය දුම්රියේ ගැටී නාවික සෙබලා ජිවිතක්ෂයට

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු සමුද්‍ර දේවී කාර්යාලය දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් කළ නාවික සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

අද (24) රාත්‍රියේ රත්ගම ගම්මැද්දේගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ බද්දෙගම පදිංචි 35 හැවිරිදි සෙබෙලෙකු බවද පොලිසිය පවසයි.

දුම්රිය පැමිණෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply