19 වැනි වරටත් සුනාමියෙන් මිය ගිය හා අතුරුදන් වු පිරිස් අනුස්මරණය කරමින් අද (26) ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරක අසලදි වැඩසටහනක් සංවිධානය කර තිබිණ.
2004 දින දෙසැම්බර් 26 වැනි දින මෙරට ඇතුළු ආසියාතික කලාපයේ රටවල් රැසට බල පෑ සුනාමි ව්‍යවසනයෙන් දේපල හානි ඇතුළු ජීවිත හානි රැසක් වාර්තා විය.
ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයෙදි සුනාමි රළ හේතුවෙන් අනතුරට පත් දුම්රිය මගීන් සිහිපත් කරමින් අද එම වේලාවටම දුම්රිය කාර්ය මණ්ඩලය ඇතුලු පිරිස දුම්රියෙන් පැමිණි සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන්නට විය.
මියගිය පිරිස් සිහි ගන්වමින් විනාඩි දෙකක නිහඬතාවයකින් අනතුරුව සර්ව ආගමික වතාවත් පැවැත්විනි.
පසුව පිරිස සුනාමි ස්මාරකයට පුෂ්පෝහාර දැක්වින
මේ අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ප්‍රදේශවාසින් ඇතුලු විදේශිකයන්ද පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝහාර දක්වන්නට විය.
මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්තානය විසින් සංවිධානය කර තිබිණ