බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව එහි සදහන්ය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි සදහන්ය.
මේ අතර, “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වෙරළ ආශ්රිත ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබුණ ද එහි බලපෑම තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ
මේ අතර අධික වර්ෂාපතන තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද උදෑසන සිට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.