අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායන අවස්ථාවේ ඔහු අල්ලා ගැනිමට ගිය පොලිස් කොස්තාපල් වරයෙකු ජා- ඇල ඇළට වැටි අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි.
අද (22) පෙරවරුවේ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධෙයන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරු පොලීසිය පිටුපස ඇළට පැන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අල්ලා ගැනිමට ගිය පොලිස් කණ්ඩායමේ එක් පොලිස් නිලධාරියෙකු මෙම අනතුරට මුහුණ පා තිබෙන අතර පාලායාමට තැත්කළ සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා සේවීමේ කටයුතු ආරම්භ කර තිබේ