ලෝක ධීවර දිනය අදයි – ගාසා යුද්ධය ගැන ධිවර ප්‍රජාවගෙන් ඉල්ලිමක්

ලෝක ධීවර දිනය අදට (21) යෙදී ඇත. ලොව පුරා වෙසෙන ධීවර ජනතාවගේ අයිතීන්, උරුමයන්, රැකියාව සහ ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මේ දිනය නිමිති කර ලොව පුරා සැමරුම් උත්සව රැසක් පැවැත්වේ.

ලෝක ධීවර දිනය නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය සංවිධාන කරන ප්‍රධාන උත්සවය ලබන මස යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම මේ දිනය නිමිත්තෙන් ජාතික ධීවර සහයෝගිතාව පවත්වන සැමරුම් උත්සවය අද (21)කිලිනොච්චියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම මේ වන විට ගාසා තීරයේ පවතින ම්ලේච්ඡ යුද්ධය නවතා දමන ලෙස ඉල්ලමින් ලෝක ධීවර සම්මේලනයට අයත් රටවල් 49ක් එකමුතු වී, ලෝක ධීවර දිනය යෙදෙන අද (21) රැස්වීම් සංවිධාන කර ඇත.

Werzuo Digital

Leave a Reply