රිය අනතුරකින් පසු මාදම්පේ උණුසුම් තත්ත්වයක්

පාසල් දරුවෙකු ඇතුළු තිදෙනෙකු අනතුරට ලක්කර පළායාමට උත්සාහ කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට හලාවත මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අනතුරින් තුවාල ලැබූ පාසල් දරුවා ඇතුළු තිදෙනා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට සහ මාදම්පේ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාදම්පේ පැරණි නගරයේදී වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදි 3ක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරත් සමග ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මාදම්පේ පොලීසියට අමතරව හලාවත සහ තොඩුවාව පොලිස් ස්ථානවල නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා ඇත.

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Werzuo Digital

Leave a Reply