ජංගම දුරකථනය තරුණයෙකුට මරු කැඳවයි

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවයට යමින් සිටි පුද්ගලයෙකු අද (15) උදැසන වෙළඳ කලාපයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අසලදි දුම්රියේ ගැටී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෙළඳ කලාපයේ කම්හලක සේවකයෙකු වන හබරාදුව පිටිදුව පදිංචි පුද්ගලයෙකි.

මොහු අද උදෑසන ජංගම දුරකතනය සාක්කුවේ දමාගෙන ශ්‍රව්‍ය උපකරණයක් කණේ ගසාගෙන වෙළඳ කලාපයට ඇතුලු විමට යනවිට ගාල්ල සිට මාතර දෙසට පැමිණි දුම්රි‍යේ වැදි ඇති බව පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ අද පැවැත්විමට නියමිතව තිබේ.

Werzuo Digital

Leave a Reply