පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතා අවසන් ගමන් යයි

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරු පැදියේ පසුපස ගමන් ගත (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත.  

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ.

එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

යතුරු පැදිකරු ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විමර්ශන සිදුකරගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply