හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට (28) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වනු ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වේ.

එය පියවි ඇසට පෙනෙන කොටස 29 වැනි දින අලුයම 01.05ට චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වීමත් සමඟ ආරම්භවේ

මුළු කාලය පැය 04කුත් විනාඩි 25ක් වූ මෙම චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 03.56ට පෘථිවියේ උපචායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමඟ සිදුවේ.

Werzuo Digital

Leave a Reply