අහුංගල්ල ඌරගහ මාර්ගයේදී අද (21) රාත්රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.