රත්ගමදී අද (09) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් පත්වී ඔහුගේ සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන හතලිස් හත් හැවිරිදි අයෙකු බවද පොලීසිය පවසයි.
ඔහු ගේ නිවස ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.