හිස බිත්තියේ වැදී මියගිය බිළිඳියගේ මරණය ඝාතනයක් – මව රිමාන්ඩ්

ලෝක ළමා දිනය යෙදුණු ඉකුත් 01 වන දා හිස බිත්තියක වැදීම නිසා ඌරුබොක්ක කටුවනගෙදර මැකිලියගහහේන පදිංචි මාස 08ක් වයසැති බිලිඳියක් මියගිය සිද්ධිය ඝාතනයක් බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

බිලිඳිය සිය මවගේ අතේ සිටියදී නිවසේ සුනඛයා තමන් දෙසට කඩා පැන්න අවස්ථාවේදී බිලිඳියගේ හිස යාබද බිත්තියේ වැදී මෙම අනතුරු සිදුවූ බව ඇයගේ මව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය හිස වැදී සිදුවූ මරණයක් නොව ඝාතනයක් බව අනාවරණය වි තිබේ.

ඒ අනුව දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද (03) ඌරුබොක්ක පොලිසිය විසින් සැකපිට අත්අංඩගුවට ගෙන තිබේ.

පසුව සැකකාරිය මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇය ලබන 10වැනිදා දක්වා රක්ෂිත බන්ධගාරාගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Werzuo Digital

Leave a Reply