පවතින වැසි සහිත කාළගුණය සමග නිල්වලා ගඟේ ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ගංගාවේ ජල මට්ටම මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයට අනුව තල්ගහගොඩ ජල මාපාංකයේ ජල මට්ටම මීටර් 2.36ක් ලෙස දැක්වෙයි. එය මීටර් 2.80 දක්වා පැමිණියහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙස සඳහන් වෙයි.
මේ අතර පානදුගම ජල මාපාංකයේ නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 6.82ක් ලෙස සටහන්ව ඇත. එය මීටර් 7.50 දක්වා පැමිණියහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙස සඳහන් වෙයි.