වල්ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිටි හමුදා සෙබලෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉමදුව කනංකේ පදිංචි පුද්ගලයෙකි.
යුද හමුදා සෙබලා විසින් වල්පල, යහලබැද්ද ප්රදේශයේ පිහිටි තම ඉඩමේ වල් ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිට ඇත. එක් විදුලි රැහැනක් ඇද අනික් විදුලි රැහන ඇදිමට යාමේ දි මොහුට විදුලිසැරවැදි ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.