කසිප්පු අළෙවි කරමින් සිටි පාසල් සිසුවෙක් පොලිසියට යොමු කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකින්.
සිසුවා කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් කලවාන පොලිසියට යොමු කර ඇති බවයි වාර්තාවේ.
9 වසර ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස ක්‍රියා කොට ඇති අතර ඔහු පොලීසියට යොමු කොට දැඩි අවවාද ලබා දීමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ.
සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.