ගාලු කොටුවේ අමන්ගල්ල ලෝකයේ හොඳම හෝටල් අතරට

මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත.

අමන්ගල්ල හෝටලය ගාල්ල කොටුවේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි.

ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය තුළ සිටී.

ලොව හොඳම හෝටල් 50 ට ඇතුළත් වූ හෝටල් වෙත සුබ පැතුම් එක් කරමින් එම ඇකඩමිය ප්‍රකාශ කර ඇත්තේ සංචාරය කිරීමට ප්‍රිය කරන්නන්ට ඔවුන්ගේ ඊළඟ සංචාරයේදී අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට මෙම ලැයිස්තුව උපකාරී වනු ඇති බවයි.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉතාලියේ පැසලක්වා හෝටලය හිමිකරගෙන ඇති අතර දෙවන සහ තුන්වන ස්ථානය පිළිවෙලින් රෝස්වුඩ් හොංග් කොංග් සහ බැංකොක් නුවර චාඕ පර්යා ගංගාව අසල පිහිටි ෆෝර් සීසන් හෝටලය හිමිකරගෙන ඇත. 

Werzuo Digital

Leave a Reply