අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ‌මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 27 සහ 36 යන වයස්වල පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

වයස අවුරුදු 42 ක් හා 43ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත.

වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply