පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී

පනාමුර  කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙනවිත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12  හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.

මෙම දරුවා අද (15) දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද  සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව  ඇති බව පොලිසිය පවසයි.

අලියා පෑගීම නිසා බරපතල තුවාල ලැබු  සිසුවා විහාරස්ථානයේ පිරිස් විසින් රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply