තම අනියම් බිරිඳගේ 14 හැවිරිදි බාල වයස්කාර දියණිය දූෂණය කිරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය බරපතල වැඩ සහිත වසර 18 සිර දඩුවම් සහ රුපියල් පන් දහසක දඩයක් ද වින්දිත දැරියට රුපියල් පන් ලක්ෂයක වන්දියක් ගෙවිමටද නියම කළාය.
දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඩුවම්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස දොළහක සිර දඩුවම්ද විත්තිකරුට නියමවිය.
මෙසේ දඩුවම් නියමවුයේ 45 හැවිරිදි විත්තිකරුවෙකුටය.
යක්කලමුල්ල පොලිස් වසමේ නාකියදෙණියේදි 2006.12.09 වනදින හෝ ආසන්න දිනයකදි තම අනියම් බිරිඳගේ 14 හැවිරිදි දියණිය දූෂණය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇත.
දැරියගේ පියා නොමැති අතර මව විත්තිකරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිද්ධිය වු දින දහවල් මව නිවසින් පිටව ගිය පසු විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය
(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)