අවුරුදු දෙකේ දරුවාගේ මිනිය වළ දැමු තැනින් අතුරුදන්

වව්නියාව නෙලුම්කුලම පොදු සුසාන භූමියේ භූමිදානය කර තිබූ අවුරුදු දෙකක් වයස ඇති දරුවකුගේ  මෘත  දේහය භූමදානය කර තිබූස්ථානයෙන් ගොඩට ගෙන එම මළ සිරුර කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇතැයි නෙලුක්කුලම පොලීසිය පවසයි.

මේ බව දරුවාගේ මව විසින් නෙළුක්කුලම පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ රැගෙන ගොස් ඇත්තේ ලිංගරාජ් ඩිවිකා යන දරුවාගේ මෘතදේහය බව පොලිසිය පවසයි.

මෙම දරුවා ඇයගේ සීයාගේ නිවසේ තිබූ ජල ටැංකියකට වැටී මියගොස් තිබුණේ ඉකුත් 25 වෙනිදා ය.

දරුවාගේ මෘතදේහය ඉකුත් 26 වෙනිදා රාසේන්ද්‍රාකුලම් පොදු සුසාන භූමියේ දී භූමදානය කර ඇත.

දරුවාගේ මෘතදේහය වළ දමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන රැගෙන ගිය අය ගැන තවම තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

Werzuo Digital

Leave a Reply