කඳුකර කොටි නෝටන්බ්‍රිජ් ජනතාව බය කරති

නෝටන්ට්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය, පතන හා ඩබල්කටින් යන ප්‍රදේශවල මේ දිනවල සැරිසරන කඳුකර කොටියන් නිසා තමන් දැඩි බියකට පත්ව සිටින බව එම ගම්මානවල ජනතාව පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ, නිවෙස්වල ඇති කරන සුනඛයන් රැසක් අතුරුදන්ව ඇති බවත්, ඇඳිරි වැටීගෙන එන අවස්ථාවල මෙම කඳුකර කොටියන් ගම්මානයට හා මාර්ගවල සැරිසැරීම හේතුවෙන් පස්වරු 6.00න් පසුව නිවෙස්වලින් පිටතට යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්ය.

මෙම ගම්මානවල ගම්වැසියන් කිහිපදෙනෙක් කොටියන් දැක ඇති බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධව වනජීවී නිලධාර්න්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

5.

Werzuo Digital

Leave a Reply