භූගත ජලය භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්

වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසීය.

භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කී ඒ මහතා භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව ද සඳහන් කළේය. 

Werzuo Digital

Leave a Reply