ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අසනීපවීමට හේතුව බැක්ටීරියාවක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අසනීපවීමට හේතුව බැක්ටීරියාවක් බවට අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන මෙම බැක්ටීරියාව වැළදුණු රැදවියන් 16 දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙන බව බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

ඉන් 9 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේත්, 7 දෙනෙකු බන්ධනාගාර රෝහලේත් රදවා සිටින බවද ඒ මහතා පවසයි.

මෙම බැක්ටීරියාව වැළදුණු රැදවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 13 වනදා සහ පෙරේදා (20) මියයාමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය..

මියගිය මෙම රැදවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම රෝහලේදී පැවති අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබෙන බව . ඒ අනුව මොවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමට නියෝග කර තිබේ.

මේ අතර මෙම බන්ධනාගාරයේ සිට ඉන් පිටව ගිය රැදවියෙකු මීට පෙර උණ රෝගී තත්ත්වයක් මත ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගෙන් මෙම උණ රෝගය පැතිරෙන්නට ඇති බවට සැක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ

Werzuo Digital

Leave a Reply