ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහන් මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේය.

අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරිමට තීරණය කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් මියයාම සහ අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අසනීපවීමට හේතුව බැක්ටීරියාවක්

Werzuo Digital

Leave a Reply