ඉකුත් සති දෙක තුල ගාල්ල බන්ධනාගාරයේ මියගිය රැඳවියන් දෙදෙනාගේ මරණ පිළිබඳ විවෘත තින්දුවක්

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදි අසනිපවි රෝහල්ගත කිරිමෙන් පසු සති දෙකක් තුල මියගිය සැකකරුවන් දෙදෙනාගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වු කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විවෘත තින්දුවක් ලබාදි ඇති බවත් මළ සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාව ලැබුන පසු මරණයට හේතු ප්‍රකාශයට පත් කරන බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් ප්‍රකාශ කල බව ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසිය.

මියගොස් ඇති සැකකරුවන් දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් වන අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

ඔවුන්ගේ ශරිරයේ බිබිලි සහ උණ සමග ඇතිවු ශ්වසන අපහසුව නිසා රෝහල් ගතකර තිබේ. එසේ රෝහල්ගත කර සිටියදි ඉකුත් 13 වන දින ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ සැකකරුවෙකු මියගොස් තිබේ. මේ අතර ඊයේ (20) අහංගම ප්‍රදේශයේ තවත් සැකකරුවෙකු මියගොස් තිබේ.

තවත් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් අද (21) බන්ධනාගාරයට පැමිණ මෙම රෝගය පැතිර යාම වැළැක්විම සඳහා සියලු දෙනාට මුව ආවරණ පළදින ලෙස උපදෙස් දි බෙහෙත් ලබාදි තිබේ.

රෝග ලක්ෂණ තිබේනම් වහාම රෝහලට ඇතුලත් කරන ලෙසත් විශේෂයෙන්ම අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු අයට මෙවැනි රෝග ඇතිවන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply