බඹරුන්ගෙන් බේරීමට දුවමින් සිටි දරුවෙක් ප්‍රපාතයකට ඇද වැටී ජිවිතක්ෂයට

බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් හතර ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ළමයෙකි.

ඔවුන් සිව් දෙනා වයස අවුරුදු 16 පසුවූ ළමයින් පිරිසක් බව පොලිසිය පවසයි.

ප්‍රපාතයෙන් ඇද වැටී සිටි දරුවා පොලිසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන්පසු ඔහු මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.

නුවරඑළිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Werzuo Digital

Leave a Reply