උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් මාස හයකට පසුත් වලංගුයි

උප්පැන්න, විවාහ සහ මරණ, සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

මාස හයකට පමණක් වලංගු වන පරිදි මෙතෙක් පැවති රෙගුලාසි මේ වන විට ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවලටත්, ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලටත් දැනුම්දී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාළ රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ඉදිරිපත් කිරීමේදී මාස හය ඉක්මවූ පිටපත් වලංගු පිටපත් ලෙස පිළිගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ලේඛනවලට යම් සංශෝධනයක් එක් කර ඇත්නම් පමණක් නව පිටපතක් ලබාගත යුතු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply