WhatsApp පරිශීලකයින්ට වටිනාම පහසුකමක් ලබාදෙයි

WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව Meta සමාගම නිවේදනය කර තිබේ.

දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී එම ඡායාරූප වල තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් නොමැත.

ඒ අනුව මෙම නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බවයි එම සමාගම පවසයි.

මෙම නව පහසුකම ඔස්සේ HD තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූප බෙදාගත හැකි බව Meta හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසයි.

Werzuo Digital

Leave a Reply