රූමස්සලදී අවාසනාවන්ත අනතුරකින් පාසල් සිසුවෙකු මරුට

උණවටුනට සංචාරයකට පැමිණි දහම් පාසල් සිසුවෙකු උණවටුන රූමස්සල කන්දේ සිදුවු අවාසනාවන්ත අනතුරකින් අද (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය පුෂ්පාරාම විහාර මාවත පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඇතුලු සිසුන් කණ්ඩායමක් බිංගිරිය සිට බස් රථ දෙකකින් පැමිණ උණවුටන සාම චෛත්‍ය නැරඹිට යන අතරතුර අනතුර සිදුව ඇත.

බස් රථය රූමස්සල කන්ද මාර්ගයේ ධාවනය කරමින් සිටියදි පටු ස්ථානයකදි ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා බස් රථය පිටුපසට ගන්නා විට මෙම සිසුවා හිස එලියට දමා ඇත. ඒ සමගම විදුලි පහන් කණුවක හිසවැදි බස් රථයට සහ විදුලි කණුවට හිස සිරවි ඇත.

පසුව බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මළ සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය හෙට (21) පැවත්විමට නියමිතව තිබේ.

Werzuo Digital

Leave a Reply