දිස්ත්‍රික්ක 15ක ලක්ෂ 2කට වැඩි පිරිසක් පානීය ජල අර්බුදයක

අද (18) වන විට දිස්ත්‍රික් 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින ජනතාව අයත් වන දිස්ත්‍රික්ක 15 වන්නේ රත්නපුර ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර පුත්තලම කුරුණෑගල යාපනය මන්නාරම මුලතිව්, වව්නියාව, බදුල්ල මොනරාගල හම්බන්තොට ගම්පහ සහ මාතලේය.

උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින වැඩිම පිරිසක් අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව 21,999කි. එම පවුල්වලට පුද්ගලයෝ 70238 ක් ඇතුළත් වෙති.

උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින ජනතාවට ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පැවසූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජලය බෙදා හැරීමට රටපුරා බවුසර් 200ක් යොදවා ඇතැයිද සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවද ඔහු පැවසුවේය.

මේ අතර නියග තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වන සතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද දැඩි පීඩාවට පත්ව සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Werzuo Digital

Leave a Reply