දකුණේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන දෙකක අද (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තංගල්ල ප්‍රදේශයේ අද (15) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

මේ අතර දික්වැල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් මියගිය අය තවමත් හඳුනාගෙන නොමැති බව වාර්තාවේ.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධින් සම්බන්ධයෙන් තංගල්ල සහ දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply