රාජ්‍ය සේවකයින්ට රුපියල් ලක්ෂ 10ක ණයක්

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඒ සදහා සැලසුම් දැනටත් සකස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙලෙස පැවසීය,

“ඉතාම දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබා දෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 14% ක පොලි අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට ලබා දෙනවා.

“විසිරි ණය” නමින් තවත් වැඩසටහනක් අපේ තිබෙනවා. ඒ යටතේ රටේ සිටින රාජ්‍ය සේවකයින් නොවන අයට 12% ක් යටතේ ණය ලබා දෙනවා. මේ සියලු වැඩසටහන් හරහා එදා මෙදා තුර බිලියන 10 කට වැඩි මුදලක් අපි ජනතාව වෙනුවෙන් ලබා දී තිබෙනවා. නමුත් ණය සදහා දීපු මුදල් වලින් බිලියන 5 ක පමණ මුදලක් ජනතාව නැවත අපිට ලබා දී නැහැ. එම මුදල් අයකර ගැනීම මේ වන විට වේගවත් කර තිබෙනවා.”

Werzuo Digital

Leave a Reply