මාතර දුම්රිය ස්ථානයෙන් අද (14) දහවල් 1.40 ට පමණ නුවර බලා පිටත්වු දුම්රියෙන් වැටි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මැටරඹ, උණවටුන පදිංචි රාජ්ය බැංකුවක සේවය කරන කාන්තාවක් බවද පොලිසිය පවසයි.
මාතර දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග ඇති මෙම කාන්තාව අතර දුම්රිය ස්ථානය පසුකර මදක් දුර ගමන් කිරීමෙන් පසු දුම්රියෙන් වැටි තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සදහා කරාපිටිය ශිෂ්යණ රෝහලට මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.