බාල්කයේ එල්ලී මියගිය අවුරුදු 9ක දැරියකගේ මළ සිරුරක් – මරණය ගැන පුළුල් විමර්ශනයක්

හලාවත සමිඳුගම ප්‍රදේශයේ නිවසක බාල්කයේ එලෙලෙමින් තිබියදි මියගිය දැරියකගේ සිරුරක් ඊයේ (11) සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 9ක් වන පාසල් සිසුවියක්.

අදාළ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදෙස් රැකියාවක නිරතව සිටින බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවිම වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇති බවයි වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මුලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන ලබයි

Werzuo Digital

Leave a Reply