නුවරඑළියේ නිවසක වෙඩි වැදි මිය ගිය යුවළකගේ සිරුරු

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඊයේ (07) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ ආරවුලක්  දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර තමන්ද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 26 ක්, බවත් ඇගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය පවසයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වි ඇත.

මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (8) පැවැත්වීමට නියමිතව ඇත

Werzuo Digital

Leave a Reply