ගාල්ල ධීවර වරායෙන් ඉකුත් 18 වන දින ධීවර කටයුතු සදහා පිටව යන ලද බහුදින යාත්‍රාවක එන්ජිම කාර්මික දෝෂයකට ලක්වීම නිසා ධීවරයින් 06 දෙනෙකු සමග එම යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවට ගසාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි වරාය පොලිසිය පවසයි.
මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාම උණවටුන පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මෙම යාත්‍රාව අද (30) වන විට මාලදිවයිනට මුහුදු සැතපුම් 40 ක් ආසන්නයේ ඇති බවත් යාත්‍රාවේ සිටින පුද්ගලයන් සුරක්ෂිතව පසුවන බවත් වාර්තාවේ.
ඔවුන් කඩිනමින් ශ්‍රි ලංකාව වෙත ගෙන්වා ගැනීමට ධීවර අමාත්‍යාංශය දැනුවත් කල බව ධීවර බලධාරීන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.